සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

11/13/2008

පහන් තරුව


ඈත නිලඹර දිලෙන තරුව නුඹ
මෑත සිට නුඹට ලොබ බැඳි මම
මගේ නෙතු මානයේ නුඹ රැදුනත්
අත‍ නොගෑටෙන බව දනිමි මම

නිශා අහස් ගැබ සිසාරමි
නුඹ කොතැනකදැයි සොයා යමි
නුඹ දැකුමෙන් මගේ සිත පොපියයි
එපමණක් ඇත මම සැනසෙයි

අඳුරු නිලඹර එකලු කරවන
පුරා හඳ ලෙස එළිය දෙයි නුඹ
අපේ නොවුණත් නුඹේ එළියෙන්
එකලු වේ අද ‍අපේ ලෝකය

3 comments:

malee_msg said...

ලස්සනයි

සරත් ගුණතුංග said...

කවි පද එකට ගලපා රන් තරුවක ට
හද බැඳි පහන් සිතිවිලි තෙපලන ඔබ ට
ඇත හැකියාව තව කවි පද ගොතන්න ට
මේ සංසදය ඇත එය පලකරන්න ට

Anonymous said...

සොබා සිරියට
පෙම් බඳින නුඹ
සිත පහන් කර
ගොතන කවි කම්
පුබුදු කරවයි
පහන් හැඟුමන්...