සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

1/09/2009

වනයේ අසිරිය

උදා දිනිඳු ලොව එබිකම් කරන විට‍
මිහිඳුම් සළු පට හෙමිහිට ඇඳෙන විට
සඳ කුමරිය අවර සිතිජයේ පෙනන විට
වනාන්තරේ අසිරිය දුටිමි මම

කිචී බිචී විහඟුන් ගී නද පැතිරෙන
පොල්තුරු අතරෙහි කපුටු කැල නදදෙන
ලෙන් දොරකඩ කේසරයන් රඟදෙන

වනාන්තරේ අසිරිය දුටිමි මම

ගල් කුල මත මුව යුවලකි පෙම් කෙලින
උන් හා රැදුන මුව පැටවුන් රඟන
කොමලිය වලවේ ජීවන නාලිය පිරුණ
වනාන්තරේ අසිරිය දුටිමි මම

මීදුම් වලා මැද රිවි කිරණින් පිරුණ

දේදුන කුමරිය ආකාසේ රඟන විට

උදා දිනිඳු ලොව එබිකම් කරන විට
වනාන්තරේ අසිරිය දුටිමි මම