සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

11/14/2008

සොබා අසිරිය

තුරු හිස මඳ නල සිඹමින්නේ - තාලෙට රඟ දෙන්නේ
මල් ගොමු පිනි කැට උරමින්නේ - සුවදින් මත්වන්නේ
කීචීබීචී ගී කුරුලු නදින්නේ - ලොවක් අවදිවන්නේ
නැගෙනහිරින් හිරු එබෙන නිසානේ - දවස උදා වන්නේ

මොනරුන් සිය පිල් විහිදන්නේ - නැටුමක් නටමින්නේ
සැලලිහිණි ගිරා නද රැවු දෙන්නේ - ගී පද මුමුණමිනේ
හාවුන් කන්දෙක උස්සන්නේ - ලොව තතු අසමින්නේ
ලේනුන් අතු අග පැන යන්නේ - පුවතක් බෙදමින්නේ

අතු අග මල් පෙති පූදින්නේ - රහසක් පවසමින්නේ
ඇල ගං දොල දිය ගලායන්නේ - කෙත් වතු කිරි වදිමින්නේ
නිල් ගොයමින් කිරි බේරෙන්නේ - ගොවි හිත සනසවමිනේ
අප මේ ලෙස ජිවය ගන්නේ - මිහිමවගේ දයා වෙන්නේ

බ්ලොග් අඩවිවල නම් සිංහලෙන්

මම අදහස් ‍ක‍ලේ බ්ලොග් අඩවිවල නම් එනම් ශිර්ෂ පාඨය ගැන විතරයි. අන්තර්ගතය ගැන නොමෙයි. බ්ලොග් කියවනයේ ගොඩක් ඉංග්‍රීසී නම් වලින් ශිර්ෂ පාඨය තියපු බ්ලොග් අඩවි තියනවානේ ඒකයි. මම මේ ගැන කිහිපදෙනෙකුගෙන්ම විමසුවා. එයාලා බ්ලොග් පාඨකයෝ. එයාලා කියනවා අපේ භාෂාව නොදන්න ලංකාවට ආදරය කරන අයටත් අපේ ‍බ්ලොග් අඩවි බලන්න ඕනි නිසා සමහර විට අපිට ඉංග්‍රීසි භාෂාවත් පාවිච්චි කරන්න වෙයිලු. ඒකත් ඇත්ත වගේ නේද?

11/13/2008

නිහඬ බව බිඳිමින් මගෙන් අදහසක්

ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ .............සිව් මංසලට මොනවත් ලියන්නේ නැතිව ගොඩක් කාලයක් සිව් මංසලට වෙලා හතර දිග් බාගේ අනිත් ඇත්තන්ගේ වැඩ ගැන බලා ගෙන හිටියා. අලුත් අලුත් බ්ලොග් කරුවන් රාශියක් බිහිවෙලා. වෙබ් අවකාශයේ සිංහල අනන්‍යතාවයක් ඇති වෙලා. කාටහරි කියන්නත් දකින්නත් ආඩම්බරයි. අපේ අයට අපේ කියලා තැනක් නේ.

මේ මගේ යෝජනාවක්. ඔයාලගේ අදහස් යෝජනා චෝදනාවලට විවෘතව තමයි ඉදිරිපත් කරන්නේ. අපි අපේ සිංහල බ්ලොග් කියවනයේ බ්ලොග් අඩවි පල කරන කොට පුළුවන් තරම් සිංහල නම් භාවිතා කරමු ද?

පහන් තරුව


ඈත නිලඹර දිලෙන තරුව නුඹ
මෑත සිට නුඹට ලොබ බැඳි මම
මගේ නෙතු මානයේ නුඹ රැදුනත්
අත‍ නොගෑටෙන බව දනිමි මම

නිශා අහස් ගැබ සිසාරමි
නුඹ කොතැනකදැයි සොයා යමි
නුඹ දැකුමෙන් මගේ සිත පොපියයි
එපමණක් ඇත මම සැනසෙයි

අඳුරු නිලඹර එකලු කරවන
පුරා හඳ ලෙස එළිය දෙයි නුඹ
අපේ නොවුණත් නුඹේ එළියෙන්
එකලු වේ අද ‍අපේ ලෝකය

ඉතින් නුඹ ‍එනවා ම නේද?

වැහිලිහිණියෝ අහසේ රටා මවන විට
සීතල සුලං ඇවිත් ගත දැවටෙන විට
අහස් ගැබ අඳුරුවලා රජ කරනා විට
තොරණ් බඳින්නට හිතනෙවා ඔබ පිලිගන්නට

මහි දිනිතිය සොවින් සිටියේ ඔබ නො ආ නිසා
කඳුල් වලින් සේදී ගියේ ඇගේ රූපයේ සොබා
ආයෙත් නුඹ එනවා නම් අපේ දිහා බලා
සත්තයි අප මඟුල් කනවා දවස් හතක් පුරා

හරිත වර්ණ වන රොදවල් අව්වෙන් පිච්චිලා
සාර කුඹුරු ගොයම් රඟපු සොහොන් ගැඹක් වෙලා
පුංචි රාළගේ පැල් කොටයත් ගින්නට හසු වෙලා
නුඹේ බැල්ම අපේ කාගෙත් ජීවිතයම වෙලා

ඉතින් නුඹ ‍එනවා ම නේද?