සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

12/05/2008

සබඳ මා පිය මිතුර


සිතෙනවා ඇසිල්ලකින් ඔබ හා පියඹා යන්න
ඈත නිල් ආකාසේ කරනමක් ගහලා එන්න
සේද මීදුම් අත‍රේ හැංගී යලි එන්න
අනන්තයට ඉගීලී ගොස් නැවතත් ගෙදරටම එන්න

හිරු අවදි වෙලා දෝ සිතිජයට ගොස් බලන්න

සඳ හා තරු කරන මුකුළු ලඟට වෙලාම අහන්න
වසන්තය ලඟට ගොස් සුහද ඇරයුමක් කරන්න
වස්සානයට ඉක්මනටම ඇවිත්යන්න කියන්න

සිතෙනවා ඇසිල්ලකින් ඔබ හා පියඹා යන්න
සබඳ මා ප්‍රිය මිතුර මා රැගෙන ඉගිලෙන්න