සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

8/07/2014


අපේ ආතම්මා

දරුවන් නව දෙනෙකි තිදෙනෙක් දූවරුය

මිණිපිරිමුණුපුරන් පහලොස් දෙනක් ඇත

මීමුණුපුරන් පස්දෙනෙකුට සෙනෙහෙ දෙන

නිවසේ මිණිපහණයි අපේ ආතම්මා අපට

 

උදා හිරු කිරණත් සමඟින් අවදිවන

හිරු අවරට ගියත් වෙහෙසක් ගතේ නැත

කඩිසරකම ඇගේ තවමත් පෙරමෙන්ය

නිවසේ සිරිකතයි අපේ ආතම්මා අපට

 

දියණියක ලෙසින් මාපියනට රන් රුවකි

සහෝදරියකගේ යුතුකම් නොපිරිහෙලා කරයි

සිය සැමියාට සෙනෙහබර පතිණියයි ඔබ

නිම් නැති සෙනෙහෙ බෙදයි අපේ ආතම්මා අපට

 

දුදරුවන් ආදරයෙන් ඇති දැඩි කරමින්

ඔවදන් දෙමින් නිවැරදි මඟ පෙන්නවමින්

වේවැල් කාසයත් නිසි කල නිසි දෙයට දෙමින්

ගුණගරුක මාපියන් දුන්නා අපේ ආතම්මා අපට

 

දරුමුණුපුරන්ගේ ආදරය මැද දිවිගෙවන

දැනමුතු කම් දෙමින් අප ජීවිත යහමඟ යවන

මීමුණුපුරන් ගේ කෙලිකම් දැක වුවනේ සිරි මවන

තෙරුවන් සරණ වේවා අපේ ආතම්මේ ඔබට