සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

11/13/2008

නිහඬ බව බිඳිමින් මගෙන් අදහසක්

ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ .............සිව් මංසලට මොනවත් ලියන්නේ නැතිව ගොඩක් කාලයක් සිව් මංසලට වෙලා හතර දිග් බාගේ අනිත් ඇත්තන්ගේ වැඩ ගැන බලා ගෙන හිටියා. අලුත් අලුත් බ්ලොග් කරුවන් රාශියක් බිහිවෙලා. වෙබ් අවකාශයේ සිංහල අනන්‍යතාවයක් ඇති වෙලා. කාටහරි කියන්නත් දකින්නත් ආඩම්බරයි. අපේ අයට අපේ කියලා තැනක් නේ.

මේ මගේ යෝජනාවක්. ඔයාලගේ අදහස් යෝජනා චෝදනාවලට විවෘතව තමයි ඉදිරිපත් කරන්නේ. අපි අපේ සිංහල බ්ලොග් කියවනයේ බ්ලොග් අඩවි පල කරන කොට පුළුවන් තරම් සිංහල නම් භාවිතා කරමු ද?

4 comments:

Manoj colambage said...

ඇත්තටම හොද අදහසක්

සරත් ගුණතුංග said...

කොටින්ම කියනව නම් මෙයින් මම නව ජීවනයක් ලැබුවා.

ච.ගු said...

අනිලි ඔබේ යෝජනාවට තුති. මගෙ අතින් වෙන පොඩි වැරදීමක් ගැනයි මේ කියන්නෙ. සමහර දේවල් මම ඉන්ග්‍රිසි බසින් ලියනවා මගෙ බ්ලොග් එකේ. මම ඒක සින්හලට පමණක් සීමා කරල නෑ. නමුත් මගේ සටහන මගෙ බ්ලොග් එකේ ලියලා සින්හල බ්ලොග් කියවනය බලනකොට තමයි තරු විසිවෙන්නෙ. කියවනයෙත් ඉන්ග්‍රිසියෙන් මම ලියූ සටහන තියෙනවා. ටිකක් අච්චාරුවක් වගෙයි- මම මේ වැරද්ද නිවැරදි කරගන්න සිතා ගත්තා. සින්හලෙන් පමණක් හැකි පමණ ලියමි. ඉන්ග්‍රිසි සටහන් වල කෙටියෙන් සින්හල සාරාන්ශයක් ලියමි කියාලා.

malee_msg said...

අනේ සමාවෙන්න මට ඒ දේ කරන්න බෑ. මොකද මගේ බ්ලොග් එක මම තනියම නෙවෙයි බෙදාගෙනයි ලියන්නේ ඉතිං මගේ හවුල් කරු දකෂ ඉංග්‍රීසි භාෂාවටයි. ඒ නිසා මගේ බ්ලොග් සටහන 100% සිංහල කරන්න මට බැහැ.
එයා ඉංග්‍රිසියෙන් ලියන තරමට මම සිංහලෙන් ලියන නිසා ගැටළුවක් ඇති වෙන එකක් නෑ කියලා මම හිතනවා.