සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

11/13/2008

ඉතින් නුඹ ‍එනවා ම නේද?

වැහිලිහිණියෝ අහසේ රටා මවන විට
සීතල සුලං ඇවිත් ගත දැවටෙන විට
අහස් ගැබ අඳුරුවලා රජ කරනා විට
තොරණ් බඳින්නට හිතනෙවා ඔබ පිලිගන්නට

මහි දිනිතිය සොවින් සිටියේ ඔබ නො ආ නිසා
කඳුල් වලින් සේදී ගියේ ඇගේ රූපයේ සොබා
ආයෙත් නුඹ එනවා නම් අපේ දිහා බලා
සත්තයි අප මඟුල් කනවා දවස් හතක් පුරා

හරිත වර්ණ වන රොදවල් අව්වෙන් පිච්චිලා
සාර කුඹුරු ගොයම් රඟපු සොහොන් ගැඹක් වෙලා
පුංචි රාළගේ පැල් කොටයත් ගින්නට හසු වෙලා
නුඹේ බැල්ම අපේ කාගෙත් ජීවිතයම වෙලා

ඉතින් නුඹ ‍එනවා ම නේද?

1 comment:

Anonymous said...

සීත සුළං පොදෙන්
අඳුරැ වළා ගැබෙන්
ලිහිණි පියාපතින්
කියන නිමිති දුටිම්

වැස්ස වළාහක දෙවිඳුන්
කුල්මත් වී පිළිගන්නට
සිතක රඟන රුඟුම්
තුටු වු සිතින් දුටිම්