සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

8/15/2008

වැසි දෙවිදුට ‍ලියන වගනම්

දෑත් දිගුකොට අහස් කුස දෙස
විඩාපත්‍ නෙත් අයදිමි අද
නිවා දමා ගිනි දැවෙන මිහිමත
යොමා සවනත දිවැස් හෙලනු මැන

නිල් ගොයම් අකලට වියපත් වී
ඉරි තලා පොලෝ තල ලසැවින් තැවී
නිවාදමා ගිනි දැවෙන මිහිමත
යොමා සවනත දිවැස් හෙලනු මැන

සුවඳ පැතිරු මකරන්ද නැත තව
පුෂ්පයෝ මලානිකව වැතිරි ඇත
නිවා දමා ගිනි දැවෙන මිහිමත
යොමා සවනත දිවැස් හෙලනු මැන

No comments: