සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

8/06/2008

මේ ගැන සිතුවොත් ..........

අප යම් රැකියාවක් කරන්නේ අපගේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට බව නොරහසකි. එම මුදල් ඉපයීමට අපට නියමිත කාර්යයන් ඉටු කිරීම අපගේ යුතුකමකි. නමුත් කාර්යාල වල සේවය කරන අපේම අය ඒ ගැන නොසිතා වැඩ කරන එක නම් දරාගන්න අමාරු දෙයක්.

රටේ ආර්ථිකය නඟා සිටුවී‍මට උර දිය යුතු පිරිසක් ලෙස මෙවැනි දේවල් කිරීම නිවැරදිද කියලා ඔබේ හෘද සාක්‍ෂියට අනුකුලව සිතා බලන්න. (හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මේවා කරන අයට හෘද සාක්‍ෂියක් නැති එකයි.)

  • කාර්යාල වේලා‍වන් තුල පත්තර බලමින් අල්ලාප සල්ලාපයේ නියැලමින් හෝ අන්තර්ජාලයෙන් ටෙලිනාට්‍ය බලමින්( පෙරදා නිවසේදී අධික රාජකාරී නිසා බැලීමට නොහැකි වු ) කාලය ගත කිරීම
  • කාර්යාලය තුල අධිකලෙස වැඩ ගොඩ ගැසී ඇති නිසා (නිකරුනේ කාලය ගතකිරීම නිසා)කාර්යාල වේලාවෙන් පසු අතිකාල කිරීම මඟින් වැඩ කොටස නිමකිරීම
  • සතියේ දවස් පහකින් වත් නිමකිරීමට නොහැකි වැඩ ඉතිරි වීම නිසා සති අන්තයේ රාජකාරි වල නියැලීම( සති අන්ත පොලට යාම දු දරුවන් පුද්ගලික පන්තිවලට ගෙන යාම ඇතුලත්ව සතිඅන්තයේ ද රාජකාරීවල නියැලීම)
  • සතියේ දවස් හතම එක දිගට රාජකාරියේ නියැලීම නිසා මානසික පීඩා ඇතිවීම කාර්යක්‍ෂමතාවය හීනවීම සිදු විම
  • පමාවී සේවයට වාර්තා කිරීම, හැකි පමණ නිවාඩු ගැනීම, ගත හැකි සියලු වරප්‍රසාද ලබා ගැනීමට උත්සාහ කිරීම හා යුතුකම් ඉටු නොකිරීම
මේවා හැමෝටම අදාල නැහැ. සමහර පිරිස් ඉන්නවා තමන් කරන රාජකාරිය දේවකාරියක් සේ සිතා එය තම හැකි පමණින් උපරිමයෙන් කිරීමට උත්සාහ කරන අයත්. එයාලා නියමිත රාජකාරිය නියමිත වේලාවට ඉටුකරන අතර අතිකාලවල‍ නියැලෙන්නේද එය තම රාජකාරියට ඉටු කිරීමට අත්‍යවශ්‍යම බව හැගුනොත් විතරයි. සතිඅන්තය ඔවුන්‍ යොදා ගන්නේ තම නිවැසියන් සමඟ කාලය ගතකිරීමට. මේ නිසාම ඔවු‍න්ගේ මනස ද නිරවුල්. නැවත සඳුදා දින රාජකාරී කිරීමට මොවුන්‍ එන්නේ ඒ නිරවුල් මනසින්. මේ නිසා කාර්යක්‍ෂමතාවය අතින්ද මොවුන් පොහොසත්.

කොහොම උණත් යහපත් පුරවැසියන් ලෙස තමන් ඉපදුන, ජීවත්වන, රට ගැනත්බිඳක් හෝ ආදරයක් ඇත්නම් අඩුම ගානේ තම දුදරුවන්ගේ අනාගතය ගැනවත් හිතනවා නම් තමන් ලබා ගන්නා වැටුපට අගෞරව නොකර තමන්ගේ නියමිත රාජකාරීයේ නියමිත ලෙස නියැලෙන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා.



1 comment:

Harshana said...

ඔය සෙල්ලම් රාජ්‍ය ආයතන වල පමණයි නෙ කරන්න පුළුවන්. පෞද්ගලික ආයතනයක කලොත් අනිත්පහුවෙනිද ඉදල ගෙදර තමා ඉන්න වෙන්නෙග