සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

6/26/2008

මලේ නුඹ


සුල‍‍ඟේ ලෙලෙනා කැකුලු මලේ
නුඹේ ඔපයට මගේ සිත ද සැලේ
පෙති විදහා නුඹ ඉන්න අගේ
දුටු විට නුඹ ගැන ලෝබ සිතේ

මී මැස්සෝ රංචු ඇවිත්
ගුමු ගුමු රහස් කතා කරාවි
රූං රූං පෙම් වදනින්
බඹරුන් නුඹ වට කැරකේවි

හිරු එළියෙන් නුඹ ඔප වේවි
සඳ සිසිලෙන් නුඹ සැනසේවි
පිනි කැට වැටිලා නැහැවේවි
ඹප වැටිලා නුඹ බැබ‍ලේවි

අව් වැසි මාරුත කෙතරම් ආවත්
නොසැලී නොනැමී ඉන්න මලේ
බඹරුන් කොතරම් පසු පස ආවත්
නුඹ අප කාටත් හිමිය මලේ

2 comments:

Anonymous said...

හරිම ලස්සනයි පද ටික... දිගටම ලියන්න. පළමු වතාවට අද තමයි ඔබගේ බ්ලොග් එක බැලුවේ.
දිගටම ලියන්න සුපැතුම් !

Rathna said...

ලස්සනයි .. ඔබේ අදහස්. සුභ පතනවා යන්නට ඔබට දිගු ගමනක්.