සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

6/20/2008

මේ බව ඔබ සිතුවාද?

පසුගිය කාලයේ ලෝකයේ සිදුවුනු දේවල් දිහා බලන කොට මට මතක් වෙන්නේ ලෝක විනාශය පිළිබඳ කියලා තිෙයන අනාවැකි. එක් අනාවැකිකරුවෙක් කියලා තියෙන්නේ ලෝක විනාශය ක්‍රි.ව. 2012 දී වෙනවා කියලා. බුදු හාමුදුරුවන් දේශනා කරලා තියෙන්නේ ලෝක විනාශය සිදුවන්නේ ලෝක‍ය ජලයෙන් යට වීමෙන් කියලා නේ.

මට හිතෙන විදිහට ලෝක විනාශයේ පෙර නිමිති පහලවන්නේ 2004 සුනාමි ව්‍යවසනයත් සමඟ කියලා.ඊට පස්සේ ලෝකයේ කෙතරම් විපත් උනාද?

චීනයේ සිචුවාන් ප්‍රදේශයේ වුණ මහා භූමි කම්පාවෙන් මිනිස් ජීවිත හැටදහසක් පමණ විනාශ වුණා කියලා කියනවා නේ. මේ දවස් වල එහෙට ගංවතුර. ඇයි ඇමරිකාවේ ප්‍රන්ත දෙකකම ගංවතුර.එයිනුත් විශාල වශයෙන් දේපල ජීවිත හානි සිදුවෙලා. අපේ රටේ පසුගිය කාලයේ කෙතරම් ජීව්ත හා දේපල හානි සිදුවුනාද ගංවතුරෙන්.
මේ විදිහට කවදාවත් අහපු දැකපු නැති විදිහට ස්වභාවික විපත් සිදුවන්නේ ලෝක විනාශයේ පෙර නිමිති ද කියලා මට හිතෙනවා. අනේ මන්දා අපේ අනාගතය...

1 comment:

Anonymous said...

ඔයා ඒක තෙරැම් අරන් ඉන්න එක ඇත්තටම හොදයි. අපේ අනාගතය කොහොම වෙයි ද ? 2012 න් පස්සේ අපි මේ ලෝකේ ඉදී ද නැද්ද කියන එක ප්‍රශ්ණයක්. කොහොම උනත් අපිට තියනවා හොද රැකවරණයක්, මොන් විනාශය ආවත් බේරෙන්න පුඑවන්. ඒ තමයි ඔබත් මාත් දන්න බුදු පියාණන් පෙන්වා දුන් මග නිවැරදිව ගමන් කිරීම.
තෙරැවන් සරණයි !