සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

6/29/2008

කැටපත් පවුරෙන් සිව් මංසල ට

‘කැටපත් පවුර’ වල් දෙකක් තිබීම නිසා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඇති වී තිබුණ සංවාදය මම දැක්කේ බොහෝම ප්‍රමාද වෙලා. ඒකට ‍හේතු ‍වුනේ යුනිකොඩ් බා ගත්ත මුල් දිනවල සිංහල භාෂාවෙන් එවපු විද්‍යුත් තැපෑල් කියවීමේ හැකියාවක් තිබුනේ නැහැ. යුනිකෝඩ් වල ප්‍රශ්නයක් ද දන්නේ නැහැ. නමුත් ඒක ඉබේම හරි ගියා. ඊට පස්සේ තමයි සංසදයෙන් ඇති වී ඇති සංවාදය දැක්කේ.

කැටපත් පවුර කියලා දැම්මේ සීගිරියේ තියෙන කැටපත් පවුර තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අතීතයේ සීගිරිය නරඹන්න ගිය අය යොදා ගත්තා වගේ මගේ අදහස් ප්‍රකාශ කිරීමට ඒ නමින් බ්ලොග් එකක් පවත්වා ගෙන ගියොත් හොඳයි කියලා මටත් හිතුන නිසා. ඒ උණත් සිංහල බ්ලොග්කරුවන් ගේ සංසදයේ සිංහල බ්ලොග්කරුවන්ගේ බ්ලොග් නාම‍ ලේඛනයේ කැටපත් පවුරවල් දෙකක් තියෙන කොට මටත් හිතුනා මගේ බ්ලොග් එකේ නම වෙනස් කරන්න ඕනි කියලා.එකම නමින් දෙන්නෙක් එකම ගෙදර හිටියොත් දෙන්නාගෙන් කාටවත් තමන්ගේ නමේ අනන්‍යතාවය නැති වෙනවානේ.

එත් නමක් හිතන එක ඒ තරම් ලේසි නැහැ. ඒ නිසා නම වෙනස් කිරීම දවසින් දවස කල් ගියා. පොත් දෙක තුනක්ම පෙරලුවා. කිහිපදෙනෙකු ගෙන් ම අදහස් විමසුවා. කොයි වගේ නමක් හොඳයි ද? කියලා . ඉස්සෙල්ලාම නම දාන කොට නම් මෙච්චර අමාරු වුනේ නැහැ. හිතුවා දැම්මා. ඒක ක්‍ෂනික අදහසක්. ක්‍ෂනික අදහස් හොද නැහැ කියන්නේ නිකම් නොමෙයි නේ. ඒකනේ මට මගේ බ්ලොග් එකේ නම වෙනස් කරන්න උනේ.

අන්තිමේදී මම හිතුවා කැටපත් පවුර වෙනුවට ‘සිව් මංසල’ කියන නම දාන්න ඕනි කියලා. නම් දෙකේ තේරුම් දෙක නම් හාත්පසින්ම වෙනස්. ඒ උණත් සිව් මංසලක දී හතර අතකින් ආපු අය එකට මුණ ගැහැනේවා වාගේ මගේ බ්ලොග් එකත් ලංකාවේ සතර දිග්බාගේ අය බලනාවානේ. ඒ නිසා ඒ නම හොඳයි කියලා මට හිතුනා. ඔන්න ම‍ගේ ‘කැටපත් පවුර’ අද ඉදන් ‘සිව් මංසල’

දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයි. තාවකාලික ද දන්නේ නැහැ. තවත් ‘සිව් මංසලක්’ තියෙයි ද?

එහෙනම් සතර දිග්බාගේ ඇත්තන්ට මගේ සිව් මංසලේ දි මුණ ගැහෙන්න කියලා මම ආරාධනා කරනවා.

3 comments:

Kasun said...

සුභපැතුම්!

සු said...

අනිලි,

නියමයි..‍ප්‍රජාතන්ත්‍රවාදීව නොහිතා මොකුත් කරගන්න බැහැ.

කැටපත් පවුරට වඩා සිව්මංසල අදහස නැවුමි.

අපේ සුබපැතුම්.

-සිව්මංසලට නිතර යන එන කෙනෙක් : )

Anonymous said...

අගෙයි. කොහොම හරි මොන නම යෙදුවත් දිටම ලියන්න. අපි හැමදාම කියවනවා. ප්‍රතිචාර පල කරනනම් ලැබෙන හැම වෙලාවෙම. ජය වේවා