සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

6/17/2008

නුඹ


ඈත නිල’ඹර දිලෙන තරුව නුඹ
මෑත සිට නුඹට ලොබ බැදි මම
මගේ නෙතු මානයේ නුඹ රැදුනත්
අත නොගැටෙන බව දනිමි මම

නිශා අහස් ගැබ සිසාරමි
නුඹ කොතැනක දැයි සොයා යමි
නුඹ දැකුමෙන් මගේ සිත පොපියයි
එපමණක් ඇත මම සැනසෙයි

අඳුරු නිල’ඹර එකලු කරවන
පුරා හඳ ලෙස එලිය දෙයි නුඹ
අපේ නොවුණත් නුඹේ එලියෙන්
එකලු වේ අද ‍අපේ ලෝකය

3 comments:

Anonymous said...

හිතට දැනුනු ලස්සන කවියක්. ප්‍රතිචාර දක්වන පලමු දවස. දිගටම ලියන්න ඔබට ජය. :)

Anonymous said...

අද තමයි ප්‍රතිචාර තබන මුල්ම වතාව. සුබ පැතුම්. දිගටම ලියන්න

Anonymous said...

හරිම අගේ ඇති කවි පන්තියක් තමයි. තව තවත් ලියන්නට සුභ පැතුම්.