සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

4/07/2011

මෙහෙමත් දුරකථන ඇමතුම්

ඔන්න මම කෝල් එකක් ගත්තා. ඒත් මම අමතන ජංගම දුරකථන ග්‍රාහකයා ඉන්න පැත්තේ ‍දුරකථන සංඥා අඩුයි. අඩුයි කිව්වාට සමහර වේලාවට ඇත්තේම නැති තරම්. කොච්චර සංඥා අඩුවුණත් මටත් කතා කරන්න ඕනි නිසාම මමත් අතරින්නේ නැතිව දිගින් දිගටම උත්සාහ කරලා කරලා දුරකථනය සම්බන්ධ කරගත්තා. ඔන්න දුරකථනය නාද වෙනවා. දැන් අනිත් පැත්තෙන් උත්තර දෙයි දෙයි කියලා බල බලා හිටියත් එක පාරටම දුරකථනය විසන්ධි වුණා. ඒ දුරකථන සංඥා වල අවුලක්. තව ටික වේලාවකින් උත්සාහ කරලා බැලුවා. ඒ පාර නම් වැඩේ හරි. එහා පැත්තේන් උත්තර දුන්නා. “මෙහේ වැස්ස. අද සිග්නල් අඩුයි. ගොරවනවා” අකුණු ගහන වේලාවට ජංගම දුරකථන පාවිච්චි කිරීම මමත් අනුමත කරන දෙයක් නොමෙයි. වැස්ස අඩු වුණ වේලාවක මට ඇමතුමක් ගන්න යැයි පවසන කොටම දුරකථනය විසන්ධි වුණා. සමහර විට ඒක ඇහෙන්නත් නැතිව ඇති. එදා ඒ වැස්ස අඩු වුණේ නැතිව ඇති. මම නිදා ගන්න යනකම්ම ඇමතුමක් ආවෙත් නැහැ. වැස්ස නිසා දුරකථන සංඥා නැතුව වෙන්නත් ඇති. ස්වාභාවික බලවේග අපට නවත්වන්න බැහැනේ.

ඔන්න පහු වෙනිදාට එලිත් වුණා. Call is being diverted ආයෙත් ‍උත්සාහ කලා Call is being diverted, Error in connection. Try and try one day you can fly. ඔන්න දුරකථනයට සංඥා ඇවිල්ලා. සුබ උදෑසනක් කියලා සුබ පතලා කථාව පටන් ගන්න හදනකොට “අනේ රත්තරං මම ඉස්කොලේ ගාවින් යන්නේ කථා කරන ‍එක හරි නැනේ තව ටිකකින් ගන්න” ඇත්තමනේ හැදෙන ළමයින්ට ආදර්ශයක් වෙන විදිහට වැඩිහිටියෝ හැසිරෙන්න එපැයැ. මමත් තව ටික වේලාවක් යනකම් බලාගෙන ඉදලා ආයෙත් dial කලා. ඒ පාර නම් එක පාරක් රිං වෙනකොටම දුරකථනයට උත්තර දුන්නා.‍ “හෙලෝ , හෙලෝ” බස් එකක් ඇතුලේ වගේ . ‍ඇහෙන්නේ නැත්තේ ඒ නිසා වෙන්න ඇති කියලා මම හිතන කොටම “මට ඇහෙන්නේ නෑ අනේ මම මැසේජ් එකක් එවන්නම්” ඇහෙන්නේ නැති වේලාවට කථා කරලා කොහොමත් වැඩක් නෑනේ. තව ටික වේලාවක් බලලා මම අයේත් dial කලේ දැන් බස් රථයෙන් බැහැලා ඇති කියලා හිතලා. මම හෙලෝ කියන්නත් ඉස්සෙල්ල ම “මට දැන් වැඩක් මම පස්සේ ගන්නම්” කියලා phone එක විසන්ධි කලා. කාර්යාලීය වැඩ කටයුතු තියෙන වේලාවට ඒවට මුල් තැන දෙන්න ඕනිනේ. ඒක හොඳ දෙයක්. ඒ නිසාම මම හවස 4.30 වෙනකම්ම ආයෙත් ඒ දුරකථන ග්‍රාහකයාව අමතන්න උත්සාහ කලේ නැහැ.

හවස 5.00ට විතර මම ආයෙත් කථා කලා. Not responded, Network busy , Number busy මේ ඔක්කොම මොබිටෙල් එකෙන් කියලා ඉවර වුණාට පස්සේ යන්තම් දුරකථන සංඥා තියෙන වේලාවක් අල්ලා ගත්තා. ඉතින් කොහොමද කියලා මමත් කථාවට මුල පිරුවා “අනේ රත්තරන් මට රෙදි හෝදන්න ‍තියෙනවා මම පස්සෙ ගන්නම්” ආයෙත් පස්සේ. හැබැයි රෙදි ටික සෝදලා ඇවිල්ලා මට කථා කලා. කථා කරපු ගමන්ම “මම පොඩි වැඩක් පස්සේ ගන්නම්” කියලා දුරකථනය විසන්ධි කලා. ආයෙත් ටික වේලාවක් බැලුවා. “පස්සේ” එන පාටක් නෑ. මමම ආයෙත් උත්සාහ කලා. මෙන්න මට කෙටි පණිවිඩයක් එනවා “කළුවා කාමරේ මම පස්සේ ගන්නම්” කළුවර වේලාවට පෙන්නේ නැනේ. Dial කරන්න පේන්නේ නැතිව ඇති. ඒ නිසා ඒ පැත්තට එළියක් වැටෙයි කියලා මමත් බලා ගෙන හිටියා. මෙන්න මට කෝල් එකක්. මමත් ඉක්මනට උත්තර දුන්නා. එහා ‍පැත්තෙන් “ලඟ මළ ගෙයක් මම වල කපන තැනට ගියා”. හා ඉතින් හොඳයි. කියලා මමත් තව කථාවකට මුල පුරනකොටම “මට කෝල් එකක්” “Holding” විනාඩියක් දෙකක් නොමෙයි පැයක්. ඇති යාන්තම් conneted. ඉතින්, කිතුල් තමයි. මෙන්න ආයෙත් “පොඩ්ඩක් ඉන්න අම්මා මට කථා කරනවා” ආයෙත් “Holding” තවත් ටික‍ වේලාවක් ගියා. ආයෙත් conneted. “මට දැන් නිදිමතයි මම උදේට ගන්නම්” ......................................

උදේම කථා කරන්න බැරි වුණ නිසා ටිකක් දවල් වෙලා Dial කරලා බැලුවා. දුරකථනය නාද වුණා. එත් Waiting ...... ආයෙත් විනාඩි ගණනාවකින් බල‍න කොට Waiting ඉවර වෙලා. ඒ ගමන්ම උත්තර දුන්නා. “මම ඉස්කො‍ලේක පස්සේ කථා කරන්නම්” මට අමතක වෙලා තමයි dial කලේ. නැත්නම් රාජකාරී වේලාවට කරදර කරන්න හොඳ නැහැනේ. පාසල් වේලාව 1.30 ට ඉවර වුණාම කතා කරන්න හිතුනා. ආයෙත් මම 2.00ට විතර ගන්න කොටම “මම දැන් මීටින් එකක පස්සේ ගන්නම්” හැබැයි ඒ මීටින් එක ඉවර වෙලා මට කතා කලා. එතකොට බස්රථයක් එනකම් පාරේ ඉන්නකම්. “ඔන්න බස්‍එකක් එනවා‍ පොඩ්ඩක් ඉන්න මම නැගලා ගන්නම්” “මම බස්‍එකේ හිටගෙන” බස් එකේ හිටගෙන ඉන්න කොට කතා කරන්න බැහැනේ. ඒ නිසා මමම දුරකථනය විසන්ධි කලා.

මෙන්න රෑවෙලා මට දුරකථන ඇමතුමක්. මමත් කරන ‍වැඩ ‍ඔක්කෝම නවත්වලා උත්තර දෙන්න ලැහැස්ති වුණා. ඒත් තත්පරයක් දෙකක් යන්න ඇති “තත්පරයක් ලයින් එකේ ඉන්න පුළුවන්ද මට ගෙදරට කෝල් කරන්න ඕනි.” හැමදාම මම Holding ...... මෙන්න ආයෙත් connected. “අක්කා කන්න කතා කරනවා මම කාලා ගන්නම්” කාලා ඇවිල්ලා මට දුරකථන ඇමතුමක් ආවාත් සුපුරුදු පරිදි " ආයෙත් cut වුනොත් ගන්න බෑ ඔන්න දැන්මම good night " කියලා ටික වේලාවකින්ම දුරකථනය විසන්ධි වුණා.

පහුවෙනිදා දවල් වෙලා කතා කරන්න උත්සාහ කලාත් "හරි අව්වයි අනේ කථා කරන මුඩ් එකක් නැ" කියලා දුරකථනය විසන්ධි කලා. මම ඉතින් හවස් වෙනකම් ඉදලා ඉර අවරට ගියාට පස්සේ මගේ ඇමතුමට අව්වෙන් පීඩාවක් නෑ කියලා දැනුන නිසා ආයෙත් ඒ ග්‍රාහකයාව අමතන්න උත්සහා කලා. ඒත් ඒ පැත්තෙන් "මගේ phone එකේ Battery low තව ටිකකින් cut වෙයි. කියලා කියන කොටම දුරකථනය විසන්ධි වුණා. දුරකථන සංඥාවල අවුලක් ද දන්නේ නැති නිසා මම ආයෙත් උත්සාහ කරලා බැලුවා. එතකොට දුරකථනය Switch off.

අද නම් මේ දුරකථන ග්‍රාහකයා ඉන්නේ හොඳට දුරකථන සංඥා හොඳට තියෙන තැනක. නිවාඩු දවසක් ඒ නිසා මම හිතේ හැටියට කතා කරන්නම් කියලා හිතාගෙන දුරකථනය ඇමතුවා. දුරකථනය නාද වෙනවා නාද වෙනවා. එක පාරක් නෙමෙයි හතර පස් වතාවක් බැලුවා . උත්තර දෙන පාටක් නැහැ. ටික වේලාවකින් මට ඇමතුමක් ආවා. මම “සයිලන්ස් මෝඩ් දලා තියෙන්නේ දැක්කේ නැහැ.” මේවා ඉතින් කාට කියන්නද. ගෙදර ඉන්න කොට සයිලන්ස් මෝඩ් දාන්නේ එන ඇමතුම් වලින් කරදර නිසානේ. ඒත් ඊට පස්සෙ ගොඩාක් වේලා කථා කලා. මෙන්න ටික වේලාවකින් අහනවා “ඔයාට තියන්න ඕනිද”

6 comments:

Anonymous said...

i really feel sorry about you

Roshanherath said...

වෙන අංකයක් හොයාගන්න යාලුවා...

Anonymous said...

ඔය තරම් අමාරුවෙන් කතා කලාම මොකද වෙන්නෙ තමන්ගේ මහත්තයටනේ

Anonymous said...

සම්බන්ධ කර ගන්න අමාරු උනාට විසංධි කරන්න කලින්
බුදු සරණයි ..................කියනවා නේද?

~ChAnDiKa~ said...

අනේ අපොයි. දැන් මේක එයාටත් පෙන්නුවම මටත් හොඳට අහගන්න පුලුවන්... මොනව වුනත් හැමදේම කෝල් එකක් මතම තීරණය කරන්න බැහැ.

මලිති said...

@Gehan
කෝල් එක මත තීරණය කරන්න බෑ ඒත් අනිත් හැමදේම වෙනුවෙන් කැප වෙන්න පුලුවන්නම් ආදරේ වෙනුවෙන් කැපවීමක් තියෙන්න ඕනේ :p

මෙහෙම කෝල් එකක් නම් දුක තමා :(