සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

3/11/2011

චුයින්ගම්

මොකද එකපාරටම මට චුයින්ගම් මතක් වුනේ කියලා ඔයාලා හිතනවා ඇති. මම නම් ජීවිතයටම චුයින්ගම් කාලා නෑ. එක්තරා කාලයක විලාසිතාවක් ලෙස තරුණ පරපුර චුයින්ගම් කෑම කරගෙන ගියා. එයාලා පාරතොටේ ඇවිදින්නෙත් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරන්නේත් චුයින්ගම් කන ගමින්. රාජකාරී ස්ථානවලත් චුයින්ගම් හප හපා සිටීම ඒ කාලයේ සුලබ දසුනක් වුණා. ඒ වුණාට ඒක කොච්චර කැත පුරුද්දක්ද? රාජකාරී ස්ථානයකදී රාජකාරී කටයුතු වල නියැලීමින් කාත් එක්ක හරි කතා කරන ගමන් චුයින්ගම් හැපීම නරකම පුරුද්දක් ලෙස තමයි මම නම් දකින්නේ. ඉතා මෑතකදී රාජ්‍ය ආයතනයකදී මම මේ අත්දැකීමට මුහුණ දුන්න නිසා නිසා තමයි මට මේ චුයින්ගම් කෑම ආයෙත් මතක් වුනේ. චුයින්ගම් කෑවට කමක් නැහැ. ඒත් තැනට සුදුසු ලෙස හැසිරීම වැදගත් බව සිහියේ තබා ගන්න එක ඉතා වැදගත් නේ

No comments: