සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

5/24/2010

මගේ සිතුවිලි

සීත මදනල සමඟ යහළුව
මහී දිනිතිය ගැන බලයි
කිමිද ඇලදොල ගං පතුලටම
මින් රළ සමඟින් කෙලි කම් කරයි

පෝය දා අර ඈත අහසේ
පායනා පුන්සඳ ලඟයි
චන්ද්‍ර මඬුලුවල සෞම්‍ය කිරණින්
නැහැවී යලි ඔබ මා ලඟයි

රුවල් ඔරුවක නැගී වරෙකක
ඈත දියඹේ සැරිසරයි
යලිත් සයුරේ නැගෙන රැල්ලක
වැදී වෙරළට ගොඩ බසියි

විහඟ කැල සමඟ එකතුව
උන්ගේ රස රහසක් අසයි
අහස පුරා අර රටා මවමින්
ලිහිණියන් සේ සැරිසරයි

මගේ සිතුවිලි මටත් නොකියා
ලොවේ සැම තැන සැරිසරයි

No comments: