සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

4/22/2010

වැස්ස වහිනවා

වැස්ස වහිනවා ‍හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා

වැහි ලිහිණි පැටව් රංචු ගැසී
අ‍හසේ සරනවා
වැසි වසින්න ඇරයුම් ගෙන
උන් රැගුම් රඟනවා

වැස්ස වහිනවා ‍හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා

පුංචි පුංචි බිංදු එකතුවෙලා
මහ වැස්ස වහිනවා
ඇල දොල ගං දොර ගලා
සතුට බෙදනවා

වැස්ස වහිනවා හෝ‍ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා

No comments: