සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

4/22/2010

වැන්දඹුවකගේ වැලපිල්ල

මගේ රට රකින්නට - රුදුරු අවි අත දරා
නුඹ කෙරුව මෙහවරින් - නුඹේ දිවිය නැති වුණා

නෑ සියන් පැමිණුනා - දු දරුවෝ පිරිවරා
නුඹේ මළගම අසා - උන් සොවින් වැලපුනා

යලි නොඑන බව දනිත් - මා පියන් මඟ බලයි
නුඹ නැතිව පාළුවෙන් - සෝ සයුරෙන් සිටිත්

අහස් උසට පොදි බැදපු - බලාපොරොත්තු ගොන්න
ඉකිබිඳියි නුඹ නැතිව - අපේ ගෙපැලේ අද

අහස් ගැබ එකලු විය - තරු දරුවෝ පිරිවරා
මගේ ගැබ පාළු විය - නුඹ නැතිව දිවි පුරා

No comments: