
කෙලිදෙලෙන් ගෙවී ගිය
වස්සාන කාලයට
නොසිතු නිමේෂයේ
සමුදුන්න නැගණියේ
ළමාවිය පසු කළත්
ඔබ තාම නොදරුවෙක්
යෞවනයේ දොරකඩ
නුඹ තාම අමුත්තෙක්
නිවෙස්නේ මිණිපහන
රැගෙන යයි වෙනතකට
දරාගත නොහැකිය
ඔබට ඔය සරතැසක
එපා දැඩි හිරු රැසට
ඔය වත අඳුරු කර ගන්න
සිනාපිරි කුසුමක් විලස
යලි නැවත පිබිදෙන්න
1 comment:
lassanai akke!!!!
Post a Comment