සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

10/14/2010

නොකියා ගිය පුතුට

තරුණ ජවය සිත දැඩි කර තබා ගෙන
සිය දිවි නොතකමින් මවු බිම පලමු‍ කොට
දෙපා නැමැද යුතුකම් ඉටු කරන්නට
ගියා පුතුන් රට රැකුමට පෙර මඟට

රුපු අවි නසා ජය කෙහෙලිය නංවාම
කිතු ගොස පැතිරුණා නුඹ ගිය හැම පාර
කළුවර රැයක සඳ අවරට ගිය පැයක
සැඟව ගියේ කොහේ ද පුතු නොකියාම

නෙතඟින් ගැලු කඳුලුත් වියැලිලා අද
දෙපයේ වාරු නැත තව මඟ බලාගෙන
ඉඳිකඩ ගෙපැල වන රොදකින් වසාගෙන
තවමත් මඟ බලයි පුතු එන වේලාවට

රූපය නැතත් නුඹෙ නාමය වැජඹෙනවා
ගුණ නැණ ලබා නුඹ පුතු අද ලොකු වෙනවා
කුසගිණි නිවා දරු පවුලත් සැනහෙනවා
ඒ පින නිසා පුතු මතු නිවනට යනවා

10/11/2010

නුඹ දන්නේ නැතුවා

ඈත අහසේ දිදුලන තරුවේ
නුඹට පාළු නැතුවා
එලිය දීදී දැල්වෙන තවත් තරු
නුඹ ලඟම සිටියා

කෙළිදෙලෙන් පසුවෙමින්
උසුළු විසුළු නුඹ
උන් සමඟ පෑවා
තරු පායාලා අඳුර නැසීලා
ලෝකය අවදි වුණා

නුඹට නොදැනුනත් නුඹේ ලඟම
තනි තරුවක් එහි තිබුණා
අඳුරේ සිටි එය කඳුලැලි සැලු බව
නුඹ දන්නේ නැතුවා