මමත් දැන් භාවිතා කාරන්නේ සිංහල ගිණි නරියා. ඇත්තටම ඒක නවමු අත්දැකීමක්. කොහොම හරි අපේ භාෂාවෙනුත් දැන් වේබ් බ්‍රවුසරයක් තියෙනවානේ. ඇත්තට ඒක ලොකු දෙයක්. පරදේශ භාෂාවන් ට ගැති නොවී අපේ භාෂාවෙන් අපි වැඩ කරමු. මේවා හදන්න මුලික වුණ හැමෝටම ලාංකිකයන් වශයෙන් අපි ස්තූතිවන්ත වෙන්න ඕනි. අපේ අන්‍යනතාවයක් වෙබ් අවකාශයේ ගොඩනැගුවාට.
මමත් දන්න හැමෝටම කියලා එයාලගේ පරිගනකවල යුනිකෝඩ් ස්ථාපනය කරන්න උනන්දු කළා. යුනිකෝඩ් සිංහල අක්‍ෂර පැහැදිලියි අනිත් අකුරු වර්ග වලට වඩා හොඳයි කියලා එයලා දැන් පිලිගන්නවා. සිංහල ගිණි නරියා ටත් මනාපයක් දෙන්න කියලා මගේ හිතමිත්‍රාන්දීට කියන්න ඕනි. 'සිය රට දේ සිරි සැප දේ'.
සිංහල ගිණි නරියාට ජය.