තරුණ ජවය සිත දැඩි කර තබා ගෙන
සිය දිවි නොතකමින් මවු බිම පලමු කොට
දෙපා නැමැද යුතුකම් ඉටු කරන්නට
ගියා පුතුන් රට රැකුමට පෙර මඟට
රුපු අවි නසා ජය කෙහෙලිය නංවාම
කිතු ගොස පැතිරුණා නුඹ ගිය හැම පාර
කළුවර රැයක සඳ අවරට ගිය පැයක
සැඟව ගියේ කොහේ ද පුතු නොකියාම
නෙතඟින් ගැලු කඳුලුත් වියැලිලා අද
දෙපයේ වාරු නැත තව මඟ බලාගෙන
ඉඳිකඩ ගෙපැල වන රොදකින් වසාගෙන
තවමත් මඟ බලයි පුතු එන වේලාවට
රූපය නැතත් නුඹෙ නාමය වැජඹෙනවා
ගුණ නැණ ලබා නුඹ පුතු අද ලොකු වෙනවා
කුසගිණි නිවා දරු පවුලත් සැනහෙනවා
ඒ පින නිසා පුතු මතු නිවනට යනවා
සුබ දිනයක්
එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!
ආයු බෝ වේවා!
10/14/2010
10/11/2010
නුඹ දන්නේ නැතුවා
ඈත අහසේ දිදුලන තරුවේ
නුඹට පාළු නැතුවා
එලිය දීදී දැල්වෙන තවත් තරු
නුඹ ලඟම සිටියා
කෙළිදෙලෙන් පසුවෙමින්
උසුළු විසුළු නුඹ
උන් සමඟ පෑවා
තරු පායාලා අඳුර නැසීලා
ලෝකය අවදි වුණා
නුඹට නොදැනුනත් නුඹේ ලඟම
තනි තරුවක් එහි තිබුණා
අඳුරේ සිටි එය කඳුලැලි සැලු බව
නුඹ දන්නේ නැතුවා
නුඹට පාළු නැතුවා
එලිය දීදී දැල්වෙන තවත් තරු
නුඹ ලඟම සිටියා
කෙළිදෙලෙන් පසුවෙමින්
උසුළු විසුළු නුඹ
උන් සමඟ පෑවා
තරු පායාලා අඳුර නැසීලා
ලෝකය අවදි වුණා
නුඹට නොදැනුනත් නුඹේ ලඟම
තනි තරුවක් එහි තිබුණා
අඳුරේ සිටි එය කඳුලැලි සැලු බව
නුඹ දන්නේ නැතුවා
9/28/2010
අවනඩුව
වෙහසකර දින ගෙවා
සිතිජ ඉම පසුකරන්
හිරු අවරට යන තෙක්
නොපියවා නොඉවසිලිව
විඩාබර වු නෙත් සඟල,
ඈත අහස් ගැබර මත
රෑ අඳුරු දුරු කරන්
සඳ මුදුන් වන තෙක්ම
බලා සිටිනා විට,
සඳ අවුත් නුබ ගැබරේ
අඳුරු වලාවන් රොදකට
මුවා වී සැගව ගොස්
සිතිජ ඉම පසුකරන්
හිරු අවරට යන තෙක්
නොපියවා නොඉවසිලිව
විඩාබර වු නෙත් සඟල,
ඈත අහස් ගැබර මත
රෑ අඳුරු දුරු කරන්
සඳ මුදුන් වන තෙක්ම
බලා සිටිනා විට,
සඳ අවුත් නුබ ගැබරේ
අඳුරු වලාවන් රොදකට
මුවා වී සැගව ගොස්
7/05/2010
චන්ද්ර මඩුලු කොහේ සැඟ වුණා දෝ
සඳ හැංගිලා වලා රොදින් - චන්ද්ර මඩුළු නෑ පෙනෙන්නේ
තරු දරුවෝ වැලපෙයි - සඳ නෑ තාමත් එය දන්නේ
ගං ඉවුරේ සුදු වැලි තලා - ගණ අඳුරේ සැඟවෙයි
දිය කෙළිය කිඳුරියෝ - සෝ දුකින් ලතැවෙයි
තරු දරුවෝ වැලපෙයි - සඳ නෑ තාමත් එය දන්නේ
ගං ඉවුරේ සුදු වැලි තලා - ගණ අඳුරේ සැඟවෙයි
දිය කෙළිය කිඳුරියෝ - සෝ දුකින් ලතැවෙයි
සඳ එළිය නොමැති මේ - රාත්රීන් අඳුරුයි
සේපාලිකා නොපිපෙයි - ලෝකයම නිසලයි
සඳ කොහේද නොදනියි - ඇගේ එළිය නොපෙනෙයි
වලා රොදින් විමසයි - උනුත් දැන් නිහඩයි
මේඝයනි මෙය අසාපන් - විහඟුනේ ගොස් කියාපන්
කවටකම් දැන් ඇතියි - සඳට ගොස් කියාපන්
6/04/2010
කවුරුත් මේ ගැන සිතුවද
කීචිබීචි කුරුලු නදින්
ලොවක් අවදි කරත් උදේ
කොහේ සිටද ආවේ කියා
කවුරුත් උන් ගැන හිතුවද
ඈත අහසේ රැය පුරාම
නිසොල්මනේ තනියම සඳ
ලොවම එකළු කලත් යසට
ඇගේ තනියට හිරු ආවද
වැසි වැටිලා වැව් පිරිලා
දෝර ගලා වතුර ගියත්
ඒ වැස්සේ වතගොත ගැන
කවුරුත් ඇසුවද වැස්සෙන්
ගං ඇල දොල එකතු වෙලා
කෙත්වතු සරුසරා කලත්
අස්වනු වල එක ඇටයක්
යලි ලැබුණි ද සතුටු සිතින්
සුලං පොදක් සිසිල අරන්
ලොව සැම තැන හමා ගියත්
ඒ සිසිලත් ගෙනා අයුරු
කවුරුත් ඇසුවද සුලගින්
ලොවක් අවදි කරත් උදේ
කොහේ සිටද ආවේ කියා
කවුරුත් උන් ගැන හිතුවද
ඈත අහසේ රැය පුරාම
නිසොල්මනේ තනියම සඳ
ලොවම එකළු කලත් යසට
ඇගේ තනියට හිරු ආවද
වැසි වැටිලා වැව් පිරිලා
දෝර ගලා වතුර ගියත්
ඒ වැස්සේ වතගොත ගැන
කවුරුත් ඇසුවද වැස්සෙන්
ගං ඇල දොල එකතු වෙලා
කෙත්වතු සරුසරා කලත්
අස්වනු වල එක ඇටයක්
යලි ලැබුණි ද සතුටු සිතින්
සුලං පොදක් සිසිල අරන්
ලොව සැම තැන හමා ගියත්
ඒ සිසිලත් ගෙනා අයුරු
කවුරුත් ඇසුවද සුලගින්
6/02/2010
මැස්සා
නිදැල්ලේ පියඹපු
විසේකාර මැස්සා
නොදැනුවත්වම
පැටලුණා දැලක
දැඟලුවා විටක
නැගුවා කෙඳිරිය
නමුත්,
පිලිසරණක් නැති විය
නිසල විය සිරුර
විසේකාර මැස්සා
නොදැනුවත්වම
පැටලුණා දැලක
දැඟලුවා විටක
නැගුවා කෙඳිරිය
නමුත්,
පිලිසරණක් නැති විය
නිසල විය සිරුර
Subscribe to:
Posts (Atom)