ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ .............සිව් මංසලට මොනවත් ලියන්නේ නැතිව ගොඩක් කාලයක් සිව් මංසලට වෙලා හතර දිග් බාගේ අනිත් ඇත්තන්ගේ වැඩ ගැන බලා ගෙන හිටියා. අලුත් අලුත් බ්ලොග් කරුවන් රාශියක් බිහිවෙලා. වෙබ් අවකාශයේ සිංහල අනන්‍යතාවයක් ඇති වෙලා. කාටහරි කියන්නත් දකින්නත් ආඩම්බරයි. අපේ අයට අපේ කියලා තැනක් නේ.
මේ මගේ යෝජනාවක්. ඔයාලගේ අදහස් යෝජනා චෝදනාවලට විවෘතව තමයි ඉදිරිපත් කරන්නේ. අපි අපේ සිංහල බ්ලොග් කියවනයේ බ්ලොග් අඩවි පල කරන කොට පුළුවන් තරම් සිංහල නම් භාවිතා කරමු ද?