නොසිතු වේලාවක
නොපැතූ විලසකට
පැමිණියා අවේලාවක
නොදන්වා කිසිකෙනෙකුට
චණ්ඩ විය ඔබ
රුදුරු විය ඔබ
ඇසිල්ලක පමාවක්
නොඉවසු ඔබ
දයාවක් නොදක්වාම
නපුරු ගතියම පාමින්
අඳුරු කරවිය
අපේ ජීවිත
සුනුවිසුනු විය
අපේම පැතුමන්
සුබ දිනයක්
එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!
ආයු බෝ වේවා!
5/21/2010
5/14/2010
අමාවක සඳ
නිශායම අහස් ගැබ
සිසාර නෙත් යොමා
මගේ සඳවතිය ඔබ
දැන් එතැයි මඟ බලා
නෙතු පියන් නොසෙල්වා
පමාවන් නොඉවසිලිව
බලා සිටියා මම
නිදිවරා රැය පුරා
අමාවක අදුරු ගැබ
එකළු නොවන බව දනිත්
රවටමින් මගේ සිත
මග බලයි තවම මම
සිසාර නෙත් යොමා
මගේ සඳවතිය ඔබ
දැන් එතැයි මඟ බලා
නෙතු පියන් නොසෙල්වා
පමාවන් නොඉවසිලිව
බලා සිටියා මම
නිදිවරා රැය පුරා
අමාවක අදුරු ගැබ
එකළු නොවන බව දනිත්
රවටමින් මගේ සිත
මග බලයි තවම මම
4/22/2010
වැස්ස වහිනවා
වැස්ස වහිනවා හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා
වැහි ලිහිණි පැටව් රංචු ගැසී
අහසේ සරනවා
වැසි වසින්න ඇරයුම් ගෙන
උන් රැගුම් රඟනවා
වැස්ස වහිනවා හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා
පුංචි පුංචි බිංදු එකතුවෙලා
මහ වැස්ස වහිනවා
ඇල දොල ගං දොර ගලා
සතුට බෙදනවා
වැස්ස වහිනවා හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා
වැහි ලිහිණි පැටව් රංචු ගැසී
අහසේ සරනවා
වැසි වසින්න ඇරයුම් ගෙන
උන් රැගුම් රඟනවා
වැස්ස වහිනවා හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා
පුංචි පුංචි බිංදු එකතුවෙලා
මහ වැස්ස වහිනවා
ඇල දොල ගං දොර ගලා
සතුට බෙදනවා
වැස්ස වහිනවා හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා
වැන්දඹුවකගේ වැලපිල්ල
මගේ රට රකින්නට - රුදුරු අවි අත දරා
නුඹ කෙරුව මෙහවරින් - නුඹේ දිවිය නැති වුණා
නෑ සියන් පැමිණුනා - දු දරුවෝ පිරිවරා
නුඹේ මළගම අසා - උන් සොවින් වැලපුනා
යලි නොඑන බව දනිත් - මා පියන් මඟ බලයි
නුඹ නැතිව පාළුවෙන් - සෝ සයුරෙන් සිටිත්
අහස් උසට පොදි බැදපු - බලාපොරොත්තු ගොන්න
ඉකිබිඳියි නුඹ නැතිව - අපේ ගෙපැලේ අද
අහස් ගැබ එකලු විය - තරු දරුවෝ පිරිවරා
මගේ ගැබ පාළු විය - නුඹ නැතිව දිවි පුරා
නුඹ කෙරුව මෙහවරින් - නුඹේ දිවිය නැති වුණා
නෑ සියන් පැමිණුනා - දු දරුවෝ පිරිවරා
නුඹේ මළගම අසා - උන් සොවින් වැලපුනා
යලි නොඑන බව දනිත් - මා පියන් මඟ බලයි
නුඹ නැතිව පාළුවෙන් - සෝ සයුරෙන් සිටිත්
අහස් උසට පොදි බැදපු - බලාපොරොත්තු ගොන්න
ඉකිබිඳියි නුඹ නැතිව - අපේ ගෙපැලේ අද
අහස් ගැබ එකලු විය - තරු දරුවෝ පිරිවරා
මගේ ගැබ පාළු විය - නුඹ නැතිව දිවි පුරා
2/15/2010
මල
සුලඟේ ලෙලෙනා කැකුල් මලේ
නුඹේ ඔපයට මගේ සිත ද සැලේ
පෙති විදහා නුඹ ඉන්න අගේ
දුටු විට නුඹ ගැන ලෝබ සිතේ
මී මැස්සෝ රංචු ඇවිත්
ගුමු ගුමු රහස් කතා කරාවි
රූං රූං පෙම් වදනින්
බඹරුන් නුඹ වට කැරකේවි
හිරු එළියෙන් නුඹ ඔප වේවි
සඳ සිසිලෙන් නුඹ සැනසේවි
පිණි කැට වැටිලා නැහැවේවි
ඔප වැටිලා නුඹ බැබැලේවි
අව් වැසි මාරුත කෙතරම් ආවත්
නොසැලී නොනැමී ඉන්න මලේ
බඹරුන් කොතරම් පසුපස ආවත්
නුඹ අප කාටත් හිමිය මලේ
5/18/2009
ආයුබෝවේවා
නිවහල් නිදහස් රටක්
අපට උරුම කළ
ඔබ කිතු ගොස
පැතිරේ සැම තැන
ගොඩ බිම පීරා
අව් වැසි නොතකා
ගුවන සිසාර
මුහුද දෙබෑ කර
දුක්දොම්නස් මැද
කළවිකුමන් රැස
අපි වෙනුවෙන්මය
එකම රටක්
එක කොඩියක්
තුරුණුවණ් සරණයි
දෙව් රැකවරණයි
සසර පුරාවට
1/09/2009
වනයේ අසිරිය
උදා දිනිඳු ලොව එබිකම් කරන විට
මිහිඳුම් සළු පට හෙමිහිට ඇඳෙන විට
සඳ කුමරිය අවර සිතිජයේ පෙනන විට
වනාන්තරේ අසිරිය දුටිමි මම
කිචී බිචී විහඟුන් ගී නද පැතිරෙන
පොල්තුරු අතරෙහි කපුටු කැල නදදෙන
ලෙන් දොරකඩ කේසරයන් රඟදෙන
වනාන්තරේ අසිරිය දුටිමි මම
ගල් කුල මත මුව යුවලකි පෙම් කෙලින
උන් හා රැදුන මුව පැටවුන් රඟන
කොමලිය වලවේ ජීවන නාලිය පිරුණ
වනාන්තරේ අසිරිය දුටිමි මම
මීදුම් වලා මැද රිවි කිරණින් පිරුණ
දේදුන කුමරිය ආකාසේ රඟන විට
උදා දිනිඳු ලොව එබිකම් කරන විට
වනාන්තරේ අසිරිය දුටිමි මම
මිහිඳුම් සළු පට හෙමිහිට ඇඳෙන විට
සඳ කුමරිය අවර සිතිජයේ පෙනන විට
වනාන්තරේ අසිරිය දුටිමි මම
කිචී බිචී විහඟුන් ගී නද පැතිරෙන
පොල්තුරු අතරෙහි කපුටු කැල නදදෙන
ලෙන් දොරකඩ කේසරයන් රඟදෙන
වනාන්තරේ අසිරිය දුටිමි මම
ගල් කුල මත මුව යුවලකි පෙම් කෙලින
උන් හා රැදුන මුව පැටවුන් රඟන
කොමලිය වලවේ ජීවන නාලිය පිරුණ
වනාන්තරේ අසිරිය දුටිමි මම
මීදුම් වලා මැද රිවි කිරණින් පිරුණ
දේදුන කුමරිය ආකාසේ රඟන විට
උදා දිනිඳු ලොව එබිකම් කරන විට
වනාන්තරේ අසිරිය දුටිමි මම
Subscribe to:
Posts (Atom)